Latestදේශීය

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සදහා වැඩි අවධානය – කංචන විජේසේකර

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අනෙකුත් රාජ්‍ය ආයතනවලින් ‍අවශ්‍ය බලපත් සහ අනුමැතියන් ලබා ගැනීමේ සහ එම ලබා ගෙන ඇති බලපත්‍ර දීර්ඝ කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම වෙනුවෙන් එම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයන් සමග හමුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

එහිදී විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් 2023-2026 සැලසුමට ඇතුළත් කර ඇති ව්‍යපෘති 330ක් සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති ප්‍රදේශ පිළිබඳව දැනුවත් කරන ලැබුවේය.

ඒ අනුව එම ආයතන මගින් ලබා දීමට හැකියාව ඇති ව්‍යාපෘති කඩිනම් කිරීමත් සහ අනුමැතියන් ලබා දිය නොහැකි ව්‍යාපෘති වෙනුවෙන් ලබා දී ඇති තාවකාලික බලපත්‍ර අහෝසි කිරීමත් සිදු කෙරෙනු ඇත.

මේ අවස්ථාවට විදුලිබල අමාත්‍යංශය,විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පරිසර අධිකාරිය,වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ඉඩම් අමාත්‍යංශය,වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ධීවර අමාත්‍යංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, පළාත් පාලන ආයතනවල ඇතුළු වතු සමාගම් නියෝජනය කරන නිළධාරීන් හමුවට සහ මාර්ගගත ක්‍රමය මගින් සම්බන්ධ විය.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *