බිත්තර ආනයනය කඩිනම් කිරීමට පියවර
ඉන්දියාවේ සිට මෙරටට බිත්තර ආනයනය කිරීමෙන් කුරුළු උණ වැනි රෝගී තත්වයන් රට තුළට ඇතුළු වීමේ අවදානමක් නොමැති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ.
ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර විෂේශ ක්‍රමවේදයක් යටතේ අවස්ථා කිහිපයකදීම පරීක්ෂාවට ලක්කළ බවයි එහි පරීක්ෂකයෙකු සඳහන් කළේ.එම ක්‍රමවේදය හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට ද යම් ප්‍රමාදයක් සිදු වූ බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පෙන්වා දෙනවා.
තවද පශු සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති නිර්දේශවලට අනුකූලව ආනයනය කරනු ලබන බිත්තර රසායනාගාර පරීක්ෂාවට ලක් කරන අතර එම පර්යේෂණ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිතව තිබේ.
මෙම වාර්තාව නොලැබීම හේතුවෙන් බිත්තර ආනයනය ප්‍රමාද වී ඇති බවයි වෙළඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසන්නේ. මෙම වාර්තාව ලැබුණු විගස බිත්තර ආනයනය කිරීම සිදුකරන අතර අදාල විස්තර තොගය ගොඩබෑමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ද විශේෂ පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතව ඇත.
මෙලෙස ඉන්දියාවේ සිට බිත්තර මිලියන දෙකක් ආනයනය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.