අදත් අන්තරේට පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව කොළඹ ලිප්ටන් වටරවුම අසළින් අසලින් ආරම්භ කර ඉදිරියට ගමන් කරමින් සිටියදී පොලීසිය විසින් එම සාමකාමී උද්ඝෝෂණයට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද සංවිධානය කළමෙම උද්ඝෝෂණයට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ නියෝගයක් ද නිකුත් කර තිබුණා.
ඒ එම උද්ඝෝෂණයට එක්වන පුද්ගලයින් අද පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීමෙන් වළකින ලෙස සඳහන් කරමින්.
මීට අමතරව තවත් නම් කරන ලද කොළඹ මාර්ග රැසක් අවහිර කිරීමෙන් වළකින ලෙසද අධිකරණය අදාළ උද්‍ඝෝෂකයින්ට මෙම නියෝගය මගීන් දන්වා තිබුණා.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය සංගම් 16ක ක්‍රියාකාරීන්ට සහ ඊට සම්බන්ධ වන තැනැත්තන්ට මෙම නියෝගය අදාළ වන බවද එහි සඳහන් කර තිබුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

