සරත් ෆොන්සේකා නිර්පාක්ෂික ද ?
නිරායුධ නිර්පාක්ෂික අරගලකරුවෝ ඊයේ (06) රැස්වීමක් සංවිධානය කර තිබුනා. එම රැස්වීමට සහභාගිවූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් නිර්පාක්ෂික අරගලකරුවෝ ප්‍රශ්ණ කර සිටියේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් නිර්පාක්ෂික අරගලකරුවෝ නියෝජනය කරන්නේ කෙසේද යන්නයි.
එම අවස්ථාවේදී නිර්පාක්ෂික අරගලකරුවෝ වැඩිදුරටත් කියා සිටියේ ගෝල්ෆේස් අරගලයට සම්බන්ධ වූ විවිධ පුද්ගලයින් දේශපාලන පක්ෂවලට සම්බන්ධවී අරගලයේ සුජාතභාවයට හානි කළ බවයි. එමනිසා නිර්පාක්ෂික අරගලකරුවන් ලෙස තමන් අරගලයේ ඇත්ත අයිතිය වෙනුවෙන් පක්ෂ පාට න්‍යායපත්‍රයන්ගෙන් තොරව කටයුතු කරන බැවින් සරත් ෆොන්සේකා මහතා ද තමන්ගේ දේශපාලන ස්ථාවරය පැහැදිලි කළ යුතු බවයි අරගලකරුවෝ පැවසුවේ.
මෙහිදී අදාල ප්‍රශ්ණකිරීමට පිළිතුරක් ලබා දීමට සරත් ෆොන්සේකා මහතා උත්සාහ නොකළ අතර එම ස්ථානයෙන් පිටව ගියා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

