දේශීය

ජීවනරටා නිමැවුම් පිළිබඳ ජාතික ඩිප්ලෝමා සහතික පත් 35කට පිරිනැමේ

කර්මාන්ත අමාත්‍යංශය යටතේ වන ,ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ,ජීවනරටා නිමැවුම් පිළිබඳ ජාතික ඩිප්ලෝමා (National Diploma in Lifestyle Product Design ) පාඨමාලාවේ 2021-2022 අධ්‍යයන වර්ෂය සදහා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය පසුගිය දා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ නත්තරම්පොත පිරිනිර්මාණ අධ්‍යයන ආයතනයේදී මෙම පාඨමාලාව එක් අවුරුදු සතිඅන්ත පාඨමාලාවක් ලෙස පැවැත්වෙන අතර එය ලංකාවේ මධ්‍යම පළාත ආශ්‍රිතව පවත්නා සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන කර්මාන්ත ක්ෂේත්‍ර නඟා සිටුවීම තුලින් රටේ කර්මාන්ත අංශය වැඩිදියුණු කිරීමේ මූලික අරමුණින් ක්‍රියාත්මක කෙරෙන්නකි.

මෙවර සාර්ථකව පාඨමාලාව අවසන් කළ සිසුන් 35 දෙනෙකු ඩිප්ලෝමා සහතික හිමිකරගත් අතර පාඨමාලාවේ විශිෂ්ටතා පදක්කම් ලාභීන් බවට එච්.එම්.සී.සංකල්පනා , අයි.කේ.ඇහැලාරච්චි, ඩී.සී.එස්.ජයසිංහ යන සිසුන් පත් විය..

International Construction Consortium ආයතනයේ Desing Compliance , Reserch & Development අංශයේ සාමාන්‍යාධිකාරී තිලක් ජයතුංග මහතා විසින් සම්මාන ප්‍රදානෝත්සවයේ ආරාධිත දේශනය පැවැත්විණි.

මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර,කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග , ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ , ලංකා සළුසල සභාපති ඩෙන්සිල් පෙරේරා ඇතුළු අමාත්‍යංශ නිළධාරින් , ආචාර්යවරුන් , දෙමව්පියන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූහ.

@Media Unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *