Latestදේශීය

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද(07) මැතිවරණ කොමිසමට

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට තීරණය කර තිබෙන අතර පෙරවරු 9.00ට මැතිවරණ මහා ලේකම් කාර්යාලය වෙත පැමිණෙන බව ඔවුන් ලිපියක් මඟින් මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ.

විජිත හේරත්, මහාචාර්යය ජී.එල් පිරිස්, මනෝගනේෂන්, රිෂාද් බදියුදීන්, රංජීත් මද්දුමබණ්ඩාර, රවුෆ් හකීම්, ශානක්‍යයන් රාසමානික්කම්, එම්.ඒ සුමන්තිරන් සහ දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුක්තව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව මෙම ලිපිය යොමු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *