Latestදේශීය

ඡන්ද පත්‍රිකා ලබන විසි එක් වෙනිදා තැපෑලට

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ලබන විසි එක් වෙනිදා තැපෑලට භාර දීම සිදු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

 දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසිනි පළාත් පාලන මැතිවරණය අප්‍රේල්25 වෙනි දා පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇති බවද කොමිසන් සභාව සඳහන් කරනවා.

 මේ අතර රජයේ මුද්‍රණාලය පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු මතිවරණයේ සෙසු වියදම් කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස අද දිනයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි. මුද්‍රණ වියදම් සඳහා වැයවන මුදල රුපියල් බිලියන 400 කට අධික බවට ඇස්තමේන්තු ගත කර ඇත.

 මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය මත  ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන බව රජයේ මුද්‍රණාලයේ ජේෂ්ඨ නිලධාරිනියක පැවසුවා.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය අතිරේක ආරක්ෂාව ලබාදෙන ලෙසද පොලිස්පතිවරයාගෙන් අද දිනයේ ඉල්ලීමක් කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *