Latestවිදේශීය

ජෝර්ජියාවේ විරෝධතා -පොලීසියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර සහ ගල්මුල් ප්‍රහාර

රාජ්‍ය නොවන සංවිධානවලට ජාත්‍යන්තරව හිමිවන අරමුදල් ප්‍රමාණය 20% ඉක්මවන්නේ නම් එය දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් නොවන බවට වන නව නීතියකට පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා දීමත් සමග ජෝර්ජියාවේ විරෝධතා උග්‍ර වී ඇත.රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට උත්සාහ කරන නව නීතියක් හේතුවෙන් මෙම විරෝධතා ආරම්භ වූ අතර මේ වන විට විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත්තේ, ඔවුන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාර සහ ගල්මුල් ප්‍රහාර පොලීසියට එල්ල කිරීමත් සමගයි.

ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවත් වාර්තා වේ. තමන් ජනතාව සමග සිටින බව ද අනුමැතිය සඳහා තමන්ට මෙය ලැබෙන්නේ නම්, එය නිශේධනය කරන බවත් මේ වන විට ජෝර්ජියා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *