Latestදේශීය

තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු 18

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන මාර්තු 18දා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

එදින පෙරවරු 9.00 සිට පස්වරු 12.10 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 කදී විභාගය පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියේ.

 විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය හරහා පෞද්ගලිකව බාගත කළ නොහැකි වන අතර තම පාසැල් මගින් එම කාර්යය සිදු කළ යුතු වන බව ද සඳහන්.

 තවද අපේක්ෂකයන්ගේ නම් ,මාධ්‍ය, ජාතික හැඳුනුම්පත් අංක ස්ත්‍රී , පුරුෂ සංශෝධන එම වෙබ් අඩවිය තුළින් ම විදුහල්පතිවරුන්ගේ සහාය මත සිදු කළ යුතු බවද සඳහන්.

 ලබන මාර්තු 12 වන දින මධ්‍යම රාත්‍රියෙන් අදාළ සංශෝධන අවසන් කරන අතර එම සංශෝධන සඳහා නැවත  දින දීර්ඝ නොකරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *