Latestදේශීය

රට ඉඳි සඳහා පනවා තිබූ බද්ද අඩුකෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝගයක් මත , එළඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑමයකට රුපියල් 200ක්ව පැවති රටඉඳි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය  සඳහන් කරන්නේ මෙම බදු නිදහස් කිරීම අදාළ වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා පමණක් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *