රියදුරන්ගේ ආකල්පමය වෙනසක් ඇති කල යුතුයි -රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර
රියදුරන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට සහ නෛතික තත්වය පිළිබඳ නේවාසිකව පුහුණුව ලබාදිය යුතු බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) සඳහන් කළේ ය.එසේ නොමැතිව කොයි තරම් නීති සම්පාදනය කළද අනතුරු වලක්වා ගැනීම සඳහා එසේ රියදුරන්ට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතු බවත් එසේ නොමැතිව නීති සම්පාදනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය.මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක් පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ෙරාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
”ප්‍රවාහන පද්ධතියේ පුළුවල් වෙනසක් කරමින් අදට ගැළපෙන ආකරයට ගෙන එමින් තිබෙනවා. අපේ රටේ සිදුවන මාර්ග අනතුරු සම්බන්ධව අපි කතා කළා. අපි ඕනෑම කේෂ්ත්‍රයට බඳවා ගනිද්දි යම් පුහුණුවක් ලබා දෙනවා. අපේ රටේ රියදුර බලපත්‍ර සද්භාවයෙන් ලබා දෙන ආයතන තිබෙනවා. ඒ වගේම මිල මුදල් එක්ක ලබාදෙන ආයතනත් තිබෙනවා.බර වාහන හෝ සැහැල් බලත්‍රයක් ලබා ගන්න කෙනෙකුට අපිට පුළුවන් නම් ජීවිත හානි, ආබාධ, ඒ පවුල් අසරණ වන තත්ත්වය, ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන ආකාරය ගැන දැනුවත් කරන්න. මොකද මෙය ජාතික ආර්ථිකයට ලොකු හානියක්.නිතර හැප්පෙන්නේ රියදුරන් දෙදෙනෙක්. රියදුරන් දැනුවත් කිරීම ඒ වගේම වෙනම පුහුණුවක් ලබාදිය යුතුයි.”
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

