Latestදේශීය

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක් -පුද්ගලයකුට තුවාල

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි. වැල්ලම්පිටිය, කොටුවිල, කැලණි නදීගම ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ වෙඩි තැබීම සිදුව ඇත.

වෙඩි තැබීමෙන් තුවාල ලැබු අය පාතාල කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක මධුරංග හෙවත් පරිප්පුවාගේ සමීපතමයෙක් බව වාර්තා වේ. ගිහාන් වීරවංශ නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 28ක අයෙකි. ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *