ජාත්‍යන්තර කාන්තා දිනය අද (08)
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (මාර්තු 08) යෙදී ඇති අතර සෑම වසරකම මාර්තු මස 8 වන දිනට එම දිනය මුල් ගනිමින් ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ උන්නතිය උදෙසා මෙවරද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙවර ලෝක කාන්තා දිනයේ තේමාව වන්නේ “සමානාත්මතාව වැළඳගමු” යන්න වන අතර කාන්තාවට හිමිවන සමාන අවස්ථා ප්‍රමාණවත් නොවන්නේ ඇයි යනුවෙන් කථිකාවක් ලෝකය තුළ ඇතිකිරීමට නියමිතය.
කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ගැටළු, කාන්තා ප්‍රජනන අයිතීන්, විවිධ ක්ෂේත්රවල කාන්තා ජයග්‍රහණ සහ කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය සහ අපයෝජනයන් කෙරෙහි මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සිය අවධානය යොමු කරයි.
එම දිනය අළලා ශ්‍රී ලංකාව තුළද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

