Latestදේශීය

ප්‍රහාරයට විරෝධය පා අදත් සිසුන් මහපාරට

ඊයේ (07) කොළඹ විශ්ව විද්‍යායට එල්ල වූ පොලිස් ප්‍රහාරයට විරෝධය පල කරමින් අද විශ්වවිද්‍යාලයේ නීති පීඨය අසලින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වුනා. සිසු සිසුවියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනු මෙම විරෝධතාවයට අදත් පොලීසිය කදුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.

මෙම ප්‍රහාර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු සාමාන්‍ය ජනතාවද මහත් පීඩාවට පත්වනු දක්නට ලැබුනා. තවද මෙම පොලිස් ප්‍රහාරයන්ට ලක් වෙමින් විසිරුනු සිසු සිසුවියන් නැවතත් ඒකරාශි වී තම විරෝධතා ව්‍යාපාරය දිගටම සිදුකරනු ලැබුවා.

පොලීසිය විසින් එල්ල කළ ප්‍රහාරයන් සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ෂවයන් තම විරෝධය සහ අප්‍රසාදහ පලකළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *