Latestවිදේශීය

ග්‍රීසියේ විරෝධතා

පුද්ගලයන් 57 දෙනෙකුට මරු කැඳවමින් ග්‍රීසියේ දුම්රිය අනතුර සිදුවූයේ පසුගිය පෙබරවාරි 28 වැනිදායි.මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

මේ වනවිට දුම්රිය අනතුර සම්බන්ධයෙන් කෝපය ප්‍රදර්ශනය කරමින් ග්‍රීසියේ දස දහස් ගණනක් ජනයා විරෝධතා සහ වැඩ වර්ජනවලට සහභාගී වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.වර්ජනයට සම්බන් අය අතර දුම්රිය සේවකයන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, බස් රථ රියදුරන් සහ තොටුපළ කාර්ය මණ්ඩලය වන බවයි වාර්තා වන්නේ.

මේ වන විට කැරලි මර්දන පොලිසිය විසින් ඇතන්ස්හි විරෝධතාකරුවන් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙන අතර තෙසලෝනිකි නගරයේ විරෝධතාවලටද පොලිසිය මැදිහත් වී තිබේ.

මේ අතර මගී දුම්රියේ සිටි 350 දෙනාගෙන් බොහෝ දෙනෙක් සිසුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විරෝධතාකරුවන් විසින් මෙහිදී බල කර තිබෙන්නේ අනතුර සම්බන්ධයෙන් එරට අගමැති Kyriakos Mitsotakis ට ඉල්ලා අස්වන ලෙසයි.

අනතුර සිදුවීමෙන් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලා අස්වූණා.ඔහුගේ ඉල්ලා අස්වීමෙන් නව ප්‍රවාහන අමාත්‍ය ධූරයට ජෝර්ජ් ජෙරපෙට්‍රිටිස් පත්වී තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *