තමිල්නාඩුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 6ක් පළායාමේදී අත්අඩංගුවට
තමිල්නාඩුවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු, පළායාමට උත්සාහ කිරිමේ දී ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මොවුන් නවසීලන්තයට පළායාමට සූදානමින් සිටි බව වාර්තා වේ.මෙම පුද්ගලයන් තූත්තුකුඩි, කුලතුවෙප්පට්ටි, ක්‍රිෂ්ණගිරි දිස්ත්‍රික්කයේ කෙරවලපල්ලි, වෙල්ලෝර් දිස්ත්‍රික්කයේ ගුඩිමල්ලූර් කඳවුරේ රැඳී සිටි සරණාගතයින් හය දෙනෙකු බව සදහන්.
තමිල්නාඩුවේ පුම්පුහාර්හි බෝට්ටු හිමිකරුවෙකුට අත්තිකාරම් මුදලක් ලබා දී බෝට්ටුවක් මිලදී ගැනීමට මෙම පිරිස කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
තමිල්නාඩු පොලීසියේ කියුබ්‍රාන්ච් ශාඛාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

