වෘත්තිය සමිති අදත් (09) විරෝධතා
රජය විසින් හඳුන්වා දී ඇති නව බදු ප්රතිපත්තියට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය අද (09) සිට විවිධ වෘත්තීය සමිති ක්රියාමාර්ගවල නිරත වීම ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
අද (09) දිවයිනේ සියලු විශ්වවිද්යාලවල ආචාර්යවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව වාර්තා වේ.මේ පිලිබද අදහස් දැක්වූ විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ශ්යාම් බන්නැහැක මහතා සදහන් කරන්නේ,විශ්වවිද්යාල තුළ පැවැත්වෙන විභාග කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති නමුත් රජය දක්වන ප්රතිචාරය අනුව එම කටයුතුවලින්ද ඉවත්වීමට ඉදිරියේදි ඉඩ ඇති බවයි.
අද දිනයේ සිට අඛණ්ඩව සිදු කෙරෙන මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගය සඳහා ඉදිරි දිනවල දී සෙසු වෘත්තිකයින් ද එක්වීමට නියමිත බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

