සතොස මිල ගණන් පහතට
සතොස මගීන් අලෙවිකරණ භාණ්ඩ හතක මිල ගණන් පහත දමා ඇති බව සඳහන්.
වියලි මිරිස් සුදු පරිප්පු සුදු සීනි ලොකු ලූනු රතු කැකුළු සුදු නාඩු යන භාණ්ඩවල මිල ගණන් මෙසේ පහත දමා ඇත.
ඒ අනුව වියළි මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 75 කින් පහළ දමා ඇති අතර මිරිස් කිලෝවක නව මිල 1500 කි.
පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රු. 230 කි.
පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 19 කින් අඩුකර තිබේ.
එහි නව මිල රුපියල් 339 කි.
සතොස මගින් අලෙවි කරන සුදු සීනි කිලෝග්‍රෑමයක නව මිල 218 ක් වන අතර එය රුපියල් 11 ක අඩුවීමකි.
ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 6 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 129 කි.
රතු කැකුළු රුපියල් 9 කින් හා සුදු නාඩු රුපියල් 7 කින් අඩුකර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

