Latestදේශීය

චීන රජය මෙරටට ලබා දෙන පාසල් නිල ඇඳුම් ප්‍රදානය සම්පූර්ණයෙන් ලැබී අවසන්

මෙවර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් ලබා දීමට එකඟත්වය පළ කර තිබූ චීන රජය එයින් 1/3ක් මින් පෙර ලබා දී තිබූ අතර ඉතිරි 2/3ක ප්‍රමාණය ද ලබා දෙමින් සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රදානය ම මේ වන විට පූර්ණ වශයෙන් ලබා දී අවසන් කර ඇත.

චීන තානාපති චී. ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම ඉතිරි නිල ඇඳුම් තොගය (09) දින භාර දෙන ලදි.

ඒ අනුව මේ වන විටත් ආරම්භ කර ඇති නිල ඇඳුම් බෙදාහැරී‍මේ කටයුතු කඩිනම් කර ඉදිරි පාසල් වාරය ආරම්භ වීමට පෙර නිල ඇඳුම් බෙදා අවසන් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා පවසයි. රජයේ පාසල්වල සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු සිසුවියන් මෙන් ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සඳහා මෙම නිල ඇඳුම් ප්‍රදානය කෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *