Latestදේශීය

පහරකෑමට ලක්වූ දැරිය රෝහල්ගත කරයි

ගැහැනු ළමයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

රාගම පොලීසිය  විසින් මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ අතර ඊයේ දින මෙම දැරිය  රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත.

 ඇය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ.

17 හැවිරිදි වියේ පසුවන මෙම දැරියගේ මව මියගොස් ඇති අතර කුඩම්මා විසින් ඇයට මෙලෙස පහර දෙන බවයි සඳහන් වන්නේ.

දැරිය අද අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු පහරදෙන කාන්තාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය සඳහන් කරනවා.

ඇය රාගම ප්‍රදේශයේ කාන්තාවක් වන බවද සඳහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *