Latestදේශීය

විරෝධතාවේදී හමුදා සෙබළු පොලු මුගුරු අතැතිව සිටියා දැයි පරීක්‍ෂණ අරඹයි

පසුගිය 7 වනදා කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා විසුරුවා හැරීමට පැමිණි හමුදා සෙබළුන් අත යකඩ හෝ ලී පොලු තිබුනේදැයි විමර්ශනයක් ආරම්භ කර තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

විරෝධතාවයේ රැක වලට යෙදවූ බව කියන හමුදා සෙබළුන් පිරිසක් යකඩ හා ලී පොලු ඇතැතිව සිටින ඡායාරූප සමාජ ජාලවල සංසරණය වීම පදනම් කරගෙන මෙම විමර්ශනය ආරම්භ කළ බව ද හෙතෙම සඳහන් කළේය.

විරෝධතා පාලනය කිරීමට හමුදාවේ මැදිහත් වීමක් සිදු නොවූ බවත් පොලිසිය කැරළි මර්දන අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉදිරියේ සිටියදී හමුදා සෙබළුන් ඉදිරි රාජකාරි සඳහා යොදවා නොතිබූ බවත් ඔහු පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *