Latestදේශීය

චීන සංචාරකයින් පිරිසක්  දිවයිනට

කොවිඩ් 19 වසංගතයට පසුව චීනයේ ෂැංහයි නුවර සිට ශ්‍රී ලංකා වෙත පැමිණි පළමු සංචාරකයින් පිරිස දිවයිනට පැමිණ තිබෙනවා.

 එම සංචාරකයින් පිරිස දින 7ක කාලයක් මෙරට සංචාරය කිරීමට නියමිතව ඇත.

සංචාරකයින් 181දෙනෙකුගෙන් සමන්විත පිරිස චීනයේ ෂැන්හයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ mu231 දරණ ගුවන් යානයෙන් ඊයේ පස්වරු 6.51 ට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බව සඳහන්.

 ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා , විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ තවත් පිරිසක් ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.

 චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරකයන් පිරිස චිනයේ ග්වන්ෂෝ නුවර සිට පසුගියදා දිනය දිවයිනට පැමිණියා ඒ සංචාරකයන් 117 දෙනෙකු ගෙන් යුක්ත පිරිසක්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *