නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 373ක්
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (11) පැවැත් වේ.
ශ්‍රි ලංකා පළමු ඉනිමට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම තම පළමු ඉනිම ට ලකුණු 373ක් රැස්කළේය.
එහිදී ඩැරිල් මිචෙල් ලකුණු 102 ක් ,මැට් හෙන්රි ලකුණු 72ක් සහ ටොම් ලේතම් ලකුණු 62ක් රැස් කරන ලදී.
පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගත් අතර ළහිරු කුමාර කඩුලු 3ක් හා කසුන් රාජිත කඩුලු 2ක් හිමිකර ගත්තේය.
ඒ අනුව, නවසීලන්තය ශ්‍රී ලංකාවට වඩා පළමු ඉනිමේ ලකුණු 18ක් ඉදිරියෙන් සිටී.
තරගය ක්‍රයිස්චරච්හීදි පැවැත්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

