Latestදේශීය

බිත්තර ආනයනය ප්‍රමාද වීම සොයා බලන්න නිලධාරියෙකු ඉන්දියාවට

වෙළඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යංශය පවසන්නේ බිත්තර ආනයනය ප්‍රමාද වීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බැලීම සඳහා නිලධාරියෙකු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙන බවයි.

රජ්‍ය වාණිජ හා නීතිගත සංස්ථාවේ නිලධාරියෙකු මෙම කටයුත්ත සඳහා පිටත්ව යාමට නියමිත ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

 එම නිලධාරියා විසින් බිත්තර සම්බන්ධයෙන් ප්‍රමිති වාර්තාව හා බිත්තර ආනයනය ප්‍රමාද විම සම්බන්ධයෙන් අදාළ වාර්තා හා තොරතුරු සොයා බැලීමට නියමිතව ඇත.

 වෙළඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය සඳහන් කළේ ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ විස්සක් ආනයනය කිරීමට නියමිතව තිබූ අතර ඉන්දීය සත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් එහි ප්‍රමති වාර්තා මෙතෙක් නිකුත් නැති නොකිරීම හේතුවෙන් බිත්තර ආනයනය මෙතෙක් ප්‍රමාද වී ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *