Latestවිදේශීය

ලී චියෑන්ග් චීන අගමැති

චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ෂී ජින් පින්ග් ගේ සමීපතමයෙකු වන ලී චියෑන්ග් නම් කර තිබේ.

ලී චියෑන්ග් ශැන්ග්හායි හි හිටපු කොම්යුනිස්ට් පක්ෂ ප්‍රධානියාද වන අතර හිටපු අග්‍රාමාත්‍ය ලී කිකියෑන්ග් තම වසර 5 බැගින් වූ ධුර කාල දෙක අවසන් කිරීමෙන් පසුව විශ්‍රාම ගෙන තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය සහිතව ෂී ජින්පින් තෙවැනි ධුර කාලයක් සඳහා ජනාධිපති ධුරයට පත්කර ගැනීම පසුගියදා සිදුවුණු අතර බටහිර ධනපතිවාදයට එරෙහිව, චීන කොමියුනිස්ට් විප්ලවය මෙහෙයවූ මාඕ සේතුංගෙන් පසු එරට ජනාධිපති ධුරයට පත්වුණු බලවත්ම නායකයා ලෙස සැලකෙන්නේ ෂී ජින්පින් ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *