විදුරට හූ වරුසාවක්
වාරියපොල වල්පොල ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කරන්න ගිය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් යන මහත්වරුන්ට ප්‍රදේශවාසීන්ගෙන් බරපතල විරෝධයක් එල්ල වුනා.
ආරක්ෂකයින් විශාල සංඛ්‍යාවක් පිරිවරාගෙන එම උත්සවයට පැමිණි අමාත්‍යවරුන්ට ජනතාවගෙන් එල්ල වූ වීරෝධතාවයත් සමග අමාත්‍යවරුන් වාහනවල නැග පිටව ගියා.
එම ස්ථානයට විශාල පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුනු අතර පොලීසිය බලා සිටියදීම අමාත්‍යවරුන්ට ජනතාවගෙන් මෙවැනි විරෝධකාවයක් එල්ල වීමද විශේෂත්වයක්.
පසුගිය කාලය පුරාම පොලීසිය සහ හමුදාව යොදා ගනිමින් ජනතා අරගල මැඩපැවැත්වීමට රජය ක්‍රියාත්මක වූ වටපිටාවක වල්පොල ප්‍රදේශයේ ජනතාව මෙලෙස තම විරෝධය පල කිරීම රජයට සුවිශාල බලපෑමක් වනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

