Latestදේශීයසංස්කෘතික

“වෙඩි නොවදින ළමයි” ඉන්දියාවේ හොදම ජාත්‍යන්තර චිත්‍රපටයට හිමි සම්මානය ලබයි

“වෙඩි නොවදින ළමයි” චිත්‍රපටය ඊයේ ඉන්දියාවේ කේරළයේ දී නිමාව දුටු 18 වන ත්‍රිසුර් අන්තර්ජාතික සිනමා උළෙලේ දී (International Film Festival of Thrissur, Kerala, India) හොඳම ජාත්‍යන්තර පළමු චිත්‍රපටයට හිමි සම්මානය (Best International Debut Movie) දිනාගත්තා. මෙහිදී වෙඩි නොවදින ළමයි සමග රුසියාවේ Lubov’ Borisova විසින් අධ්‍යක්ෂණය කළ “Don’t Bury Me without Ivan” (Russia) චිත්‍රපටය ද සම සම්මාන ලබාගත්තා.

FIPRESCI (Fédération Internationale de la Presse Cinématographique) India – Award for Best Debut International සම්මානය සඳහා ඉදිරිපත් කළ හැක්කේ අධ්‍යක්ෂවරයාගේ පළමු හෝ දෙවන චිත්‍රපටය.

සම්මානය සඳහා ජූරියේ හේතු පාඨය:
“හුදු යථාර්ථවාදය බිඳ දමමින් සහ විශිෂ්ට දෘෂ්ටාන්තමය ආඛ්‍යාන මුළුල්ලක් නිර්මාණය කරමින් බෙදා වෙන්කිරීමේ, පීඩනයේ සහ ප්‍රචණ්ඩත්වයේ සියලු බලයන් අභිමුඛ කරන ළමයින්ගේ සදාකාලික නිර්දෝෂීභාවය සහ යහපත්බව මුළුමනින් ම ඉස්මතු කරන සිනමා ආඛ්‍යානයක්”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *