Latestදේශීය

නීතිවිරෝධී රත්‍රන් තොගයක් සමග පිරිසක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමට තැත්කල රත්‍රන් තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙකු කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 එම රත්‍රන් තොගේ වටිනාකම රුපියල් මිලියන 160 කට අධික බවයි සඳහන් වන්නේ.

 මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ මුම්බායි වෙත යාමට පැමිණි පිරිසක් බවයි ගුවන්තොටුපල ,රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පවසන්නේ.

ඉතා සූක්ෂම ලෙස සැකකරුවන්ගේ ගමන් මලු තුළ සඟවා තිබියදී සොයාගත් මෙම රත්‍රන් තොගයේ බර කිලෝග්‍රෑම් 10 ග්‍රෑම් 500ක් බවද සඳහන්.

 මෙම ජාවාරම සිදු කර ඇත්තේ ගුවන්තොටුපල සංක්‍රමණික ප්‍රදේශය තුළ රැඳී සිටි ඉන්දියානු ජාතිකයෙකු හා සම්බන්ධ වී බවට තොරතුරු ලැබී ඇති අතර ඔහුද වැඩිදුර පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත් බව රේගුව සඳහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *