Latestදේශීයමතවාද

අන්තරය යාපනේට, යාපනේ අන්තරේට.

(අසංක අබේරත්න)

යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් හමු වී PTA අහෝසි කිරීම හා සියළුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ජනතාවගේ ගැටලු ඒකාබද්ධකර ගත් අරගලයේ රැඩිකල් පියවර සම්බන්ධයෙන් අන්තරය යාපනයට ගොස් සාකච්ජාවක නිරත වුණා.

ඉඩම් අහිමි ජනතාව, දේශපාලන සිරකරුවන්, ඝාතනයට හා අතුරුදහන්කරවීමට ලක්වූවන් සම්බන්ධයෙන් දකුණේ සමාජය තුළ පුලුල් ජන මතයක් ගොඩ නැගීමටත්, රනිල් රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු! යන සටන් පාඨය යටතේ ඉදිරීයේදී අන්තරය සමග ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙමින් අරගලය ශක්තිමත් කිරීමේ සුබවාදී බලාපොරොත්තුව එහිදී ඔවුන් ලබාදුණි.

ගාලුමෝදර අරගලයේ ජයග්‍රහණයක් ලෙස ජාතිවාදය සැලකිය යුතු මට්ටමකින් පරාජය කිරීමට හැකි වීමත් එමගින් ඉදිරියේදී උතුර දකුණ එකතුව රනිල් රාජපක්ශ ආණ්ඩුව පරාජය කොට ක්‍රම වෙනසක් සදහා වන අරගලයට සුබවාදී පණිවිඩයක් යාපනයෙන් ලැබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *