විමල් අත්අඩංගුවට ගන්න නියෝග
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද නිකුත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයක් සම්බන්ධයෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා ඇතුළු හත් දෙනෙකුට එරෙහිව පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් අද කැඳවනු ලැබූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරණ ලදි.
විමල් වීරවංශ මහතා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කරනු ලද අතර මෙම නඩුව නැවත විභාගය ජුනි මස 19 වෙනි දින දක්වා කල්දමා ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

