තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් – අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මඟින් තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පවත්වාගෙන යාම සඳහා නියමයන් නිකුත් කර තිබේ.
මීට පෙර වරාය, ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

