ෆ්‍රෙඩී හේතුවෙන් මලාවි රාජ්‍යයට බරපතල හානි – පුද්ගල මරන 99 ක්
ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයට බරපතල හානි සිදුවි තිබේ.අවම වශයෙන් එරට පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.කොමසාරිස්වරයාගේ ප්‍රකාශයට අනුව බොහෝ මරණ සිදුවී ඇත්තේ මලාවි හි බ්ලැන්ටයර් නගරයේදී බව සදහන්.
බ්ලැන්ටයර් නගරයේ පමණක් මේ වන විට පුද්ගලයින් 134ක් පමණ රෝහල් ගත කර ඇති තිබේ.මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ද එරට ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා සඳහන් කර තිබුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

