ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාගයේ සිසුවෙකු දියේ ගිලී මරුට
ඔළුවිල් අග්නිදිග විශ්වවිද්‍යාගයේ සිසුන් පිරිසක් දියනෑමට ගොස් සිටියදී එක් සිසුවෙකු රැල්ලට හසු වී ගසාගෙන ගොස් ඇත.පසුව ප්‍රදේශවාසීන් සිසුවා බේරාගෙන ඔළුවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙම සිසුන් පිරිස දියනෑමට ගොස් ඇත්තේ එම විශ්වවිද්‍යාලය පිටපස ඇති මුහුදු තීරයටයි. මෙසේ මියගොස් ඇත්තේ 21 හැවිරිදි ඔළුවිල් ප්‍රදේශයේම පදිංචි අයෙකු බව වාර්තා වේ.මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතින් වෙත බාර දී ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

