“හරක් කටා” සහ “කුඩු සලිඳු” මෙරටට
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන නදුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන සලිඳු මල්ෂික නොහොත් “කුඩු සලිඳු” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායම විසින් මැඩගස්කරයේ සිට අද (15) උදෑසන දිවයිනට රැගෙන විත් තිබෙන බව වාර්තා වේ.
පසුගිය 07 වනදා මෙම පිරිස අත්අඩංගුවට ගැනුනු අතර ඒ අනුව මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් මැඩගස්කරයට ගොස් ඔවුන් රැගෙන විත් තිබෙන අතර
එම පිරිස අද උදෑසන 07:10ට පමණ කටුනායක ගුවන්තොටුපොළේ කාර්ගෝ පර්යන්තය හරහා පිටව ගිය බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

