කකුලෙන් අදින්න එපා – ඩොලරය 200ට බස්සනවා – වජිර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසර අග වන විට ඩොලරය රුපියල් දෙසිය ප්‍රමාණයට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
එනිසා ජනාධිපති වරයාගේ කකුලෙන් අදින්නේ නැතිව සහාය දුන්නොත් ප්‍රශ්න විසඳා ගෙන සතුටින් සිටිය හැකි රටක් ඔහු විසින් හදනු ඇතැයි ද හෙතෙම පැවසීය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
මේ අවස්ථාවේ රටේ මහජනතාව මැතිවරණයට සූදානම් නැති බවත් මැතිවරණයක් ඉල්ලන්නේ දේශපාලඥයන් බවත් පැවසූ ඔහු මැතිවරණයකට පෙර රටේ විසඳාගත යුතු ගැටලු කිහිපයක් ඇති බවද කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණයක් පවත්වා රජයේ දීමනා ලබන අට දහසක පිරිසක් පත්කර ගැනීම මේ අවස්ථාවේ රටට බරක් බව සියලු දෙනා පිළිගන්නා බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

