Latestදේශීය

ජපානයෙන් ඩො.මි. 1.8ක ආධාර

 ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ වඩාත් අවදානමට ලක්වන දරුවන් වෙනුවෙන් ලබා දීම සඳහා යුනිසෙෆ් සංවිධානය වෙත ඩොලර් මිලියන 1.8කට අධික මුදල් ආධාරයක් ලබා දී තිබේ. 

මෙමගින් ලක්ෂ 6කට ආසන්න දරුවන් සඳහා පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනු ඇති.

මේ වනවිට ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරටට මානුෂීය සහන සැපයීමට ජපාන රජය තීරණය කර ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි. 

පසුගිය වර්ෂයේ‍ ආර්ථික අර්බුදයේ ආරම්භයේ පටන් ජපාන රජය යුනිසෙෆ් හරහා ලබා දුන් මුළු ආධාර ප්‍රමාණය මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 3.8 ඉක්මවා ඇති බව සඳහන් ය.

@News 1st


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *