Latestදේශීය

පොළොන්නරුවේ ළමා මන්දපෝෂණය ඉහළට

ඊයේ, (15) සවස පොළොන්නරුවේ පැවති වැඩසටහනකදී පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි ප්‍රකාශ කර සිටියේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 900කට අධික සංඛ්‍යාවක් සිටින බවයි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි ප්‍රකාශ කර ඇත්තේ දිළිඳුතම රේඛාවෙනුත් පහළ මට්ටමේ ජීවත්වන පවුල් සංඛ්‍යාව ඉතා වැඩි බවත්, තුන්වේල වෙනුවට දෙවේලක් හෝ එක් වේලක් පමණක් ආහාර ගන්නා විශාල පිරිසක් සිටින බවත් හෙතෙම කියා සිටියේ ය.

මෙම අවස්ථාවට සහභාගි වූ පොළොන්නරුව දිස්ත්‍රික් අතිරේක ලේකම් රුවන් රත්නායක සඳහන් කර සිටියේ පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ පවතින පවතින විශාලතම ගැටලුව පිරිසුදු පානීය ජලය නොමැතිකම හේතුවෙන් හඳුනා නොගත් වකුගඩු රෝගීන් සමග දහස් ගණන් ජීවිත අනතුරුදායක තත්වයකට පත්ව තිබීම බවයි.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ” අපි අයි.එම්.එෆ්. එක දිහා බලාගෙන ඉන්නවා වගේ ම ජනතාවත් හුරුවෙලා තියෙනවා ණය ගන්න. ගන්න ණය අපි මොක ද කරන්නේ? පරිභෝජනය කරනවා පමණයි. ඒවායෙන් ජීවනෝපාය සංවර්ධනය කිරීමට යොදවන්නේ නෑ. අපි කෘෂිකර්ම ප්‍රදේශයක්. අපට නැත්තේ ප්‍රාග්ධනය පමණයි, දරුවෝ මත්ද්‍රව්‍යට ගොදුරු වෙලා. අඩු වයස් විවාහයන් සහ අඩු වයසින් ගැබ් ගැනීම් සිදුවන්නේ වැඩියෙන් ම අපේ දිස්ත්‍රික්කයේ. මේක දිස්ත්‍රික් කමිටුවලත් කතා කරන ප්‍රශ්නයක්. දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන්නන්ට ව්‍යාපාරිකයන් කියන්න හොඳත් නෑ ඔවුන් සමාජ විරෝධීන් සමාජ නාශකයන්. “

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *