ශ්රීපාද වන්දනාකරුවන් අතර රෝගයක්…? තිදෙනෙක් මිය යයි
ශ්‍රී පාද වන්දනාකරුවන් අතර රෝගයක් පැතිර යන්නේ යයි පළ වන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසයි.
එනිසා ඒ පිළිබද බිය ඇති කරගත යුතු නැති බවත් ඔවුන් කියා සිටියි.
ලිස්ටීරයා නම් බැක්ටීරියා ආසාදනය වූ කාන්තාවක් මියයාම සමඟ මෙම තත්ත්වය ඇති වී ඇති අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් තිබේ.
නල්ලතන්නිය මාර්ගයෙන් ගමන් ගන්නා බැතිමතුන්ට රෝගී තත්ත්වයක් වාර්තා වී නොමැති බවත් රත්නපුර කුරුවිට ශ්‍රීපාද මාර්ගයේ ගමන්ගත් කිහිප දෙනෙකුට යම් රෝග තත්වයක් වැලදී ඇති බවත් ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සදහන් කරති.
මේ ආකාරයේ චාරිකා යාමේදී හැකිතාක් උණු කර නිවාගත් පානීය ජලය භාවිත කරන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිතව ගබඩා කර ඇති ආහාර පමණක් ලබාගන්නා ලෙසත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලීමක් කරති.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

