Latestදේශීය

දින 6කින් තැපැල් ඡන්ද පත්‍රිකා දෙන්න පුලුවන් – ගංගානි කල්පනා

මුදල් ප්‍රතිපාදන ලැබී දින 06ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබාදීමට හැකි වන බවත් මාසයක් තුළ අනෙක් සියලු මුද්‍රණ කටයුතු සිදුකිරීමට හැකි බවත් රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ සඳහන් කරයි.

ඒ බව දන්වමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිත දැනුම්දීමක් අද (16) දිනයේ සිදුකරන බවද මුද්‍රණාලයාධිපතිනි වැඩිදුරටත් සඳහන් කරයි.

මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බවද ඇය සඳහන් කරයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස රජයේ මුද්‍රණාලය මහ භාණ්ඩාගාරයෙන් අවස්ථා කිහිපයකදීම ලිඛිතව කළ ඉල්ලීමට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200ක මුදලක් අවශ්‍ය බව රජයේ මුද්‍රණාලාය මහාභාණ්ඩාගාරයට දැනුම් දී ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *