පැරිස් පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක්
පාර්ලිමේන්තුවේ ඡන්දයකින් තොරව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රංශ රජය තීරණය කිරීමත් සමග පැරිස් පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇතිව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් DE la Concorde ස්ථානය වෙත රැස්ව ජනතාව විරෝධතා පැවැත්වූ අතර මාස දෙකක පමණ කාලයක් දේශපාලන විවාද මෙන්ම වැඩ වර්ජනද ක්‍රියාත්මක කෙරුණා.
මතභේදයට තුඩු දුන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමට මිනිත්තු කිහිපයකට පෙර අගමැතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ බහුතරයක් දිනා ගැනීමේ විශ්වාසයක් නොමැති බැවින් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.මෙම පියවර විපක්ෂයේ දේශපාලනඥයන් අතර කෝපයට හේතුවූ අතර බොහෝ දෙනෙක් අගමැතිවරයාට සමච්චල් කරමින් පාර්ලිමේන්තුව තුළද විරෝධතා මතු කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අගමැතිවරයා විසින් මෙම තීරණය ප්‍රතික්ෂේප කිරීම සඳහා දහස් ගණන් ජනතාව නගරවල වීදිවලට පැමිණ, ජාතික ගීය ගායනා කරමින් සහ වෘත්තීය සමිති ධජ ඔසවමින් සිටිනවා. මේ වනවිට පුද්ගලයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පැරිස් පොලිසිය සඳහන් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

