රනිල්ගෙ ‘පොලි – ට්‍රික්ස්’ වලින් ජනතාව රවට්ටන්න බැහැ – විජිත හේරත්
“ඔක්කොම ප්‍රශ්න අමතක කරන්න ආණ්ඩුව රුපියල ගැන මිනිස්සුන්ගෙ හිත් උන්මාදනීය කරලා, මේවා රනිල්ගෙ ‘පොලි – ට්‍රික්ස්’” යැයි, ජවිපෙ ප්‍රචාරක ලේකම්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
“ඩොලර්වලින් වැඩක් ගන්න බැරි වුණා ම ඩොලර් මිල බහිනවා. මේක මැජික් එකක් කියලා මිනිස්සු රවට්ටන්න බැහැ,” යැයි ද මන්ත්‍රීවරයා කීය.
“ඩොලරය අඩුවෙලා රුපියල ශක්තිමත් වෙලා. මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක් කියලා සමහරු පැවැසීම ම හාස්‍යට කරුණක්,” යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
“මේ දවස්වල කියනවා රුපියල ශක්තිමත් වෙලා, ඩොලරයේ මිල අඩුවෙලා කියලා. දැන් හොඳයි මොකක් ද මේ මැජික් එක. අපේ බැංකු තුනක තිබෙන ඩොලර් නොවන සල්ලි, ඩොලර්වලට මාරු කරලා, ඩොලර් මිලියන 400ක් අරගෙන. අපේ බැංකුවල තිබෙන සල්ලි ටිකකුත් ඇපයට තියලා. එතකොට ඩොලර් ටිකක් සංසරණය වෙනවා. ඒ වුණාට ආනයනය කරන්න බැහැ. ආනයන සීමා දාලා තියෙන්නේ.
ඩොලර්වලින් වැඩක් ගන්න බැරි වුණාම ඩොලර් මිල බහිනවා. මේ මැජික්වලින් ජනතාව රවට්ටන්න බැහැ. පසුගිය කාලයේ අපේ අය පිටරටට භාණ්ඩ ටිකක් යැව්වාම ඒකෙන් 25%ක් මහ බැංකුව තියා ගත්තා. ඒක 15%ක් දක්වා අඩු කර තිබෙන්නේ.
දැන් කියනවා රුපියල ශක්තිමත් කියලා. රුපියල ශක්තිමත් නම්, මේක ව්‍යාපාරිකයන්ට, ඉදිකිරීම්කරුවන්ට, ජනතාවට බඩු මිල අඩු වෙලා දැනෙන්න ඕනෙ. මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස්වෙලා, ආර්ථිකය ශක්තිමත් වෙලා, රුපියලේ අගය ඉහළ ගියා නම් අපට කියන්න පුළුවන් රුපියල ශක්තිමත් වෙලා කියලා.
මේවා මැතිවරණයක් ළඟ තියාගෙන ජනතාව රැවැට්ටීමට පෙන්වන මැජික් දර්ශන.”
අනුරාධා හේරත්
මව්බිම
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

