Latestදේශීය

පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් පමණ ඉදිරිපත් කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අනාවරණය වී තිබේ.

ඒ නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදු කළ ප්‍රකාශයක් මගිණි.

රජයේ නීතිඥවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමිනි.

මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ, ඉකුත් ජනවාරි මස 20 වනදා වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිට ගාලු මුවදොර මුදල් අමාත්‍යාංශය දක්වා වෘත්තිකයින් විසින් පා ගමනක් සංවිධානය කර තිබූ බවත්, නිත්‍යානුකූල ලෙස සාමකාමීව සිදු කළ එම පෙළපාලියට පොලීසිය විසින් විවිධ අවස්ථාවල හිරිහැර හා බාධා කිරීම් සිදු කළ බවත්, ඒ තුළින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමිනි.

වගඋත්තරකරුවන්ට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් මස 28 වනදා දක්වා කල් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 31 වනදා යලි කැඳවන ලෙසද නියෝග කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *