2023 පාසැල් නිවාඩු මෙහෙමයි
2023 වර්ශයට අදාළ පාසල් නිවාඩු අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.
ඒ අනුව,
පළමු පාසල් වාරයේ 01 වැනි අදියර 2023.03.27 සිට 2023.04.04 දක්වා (දෙදිනම ඇතුළුව) පැවැත්වෙන අතර පාසල් නිවාඩුව 2023.04.05 සිට 2023.04.16 දක්වා ලබා දී ඇත.
පළමු පාසල් වාරයේ 02 වැනි අදියර 2023.04.17 සිට 2023.05.12 දක්වා (දෙදිනම ඇතුළුව) පැවැත්වෙන අතර පාසල් නිවාඩුව 2023.05.13 සිට 2023.05.24 දක්වා ලබා දී ඇත. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග හේතුවෙන්.
පළමු පාසල් වාරයේ 03 වැනි අදියර 2023.05.25 සිට 2023.07.20 දක්වා (දෙදිනම ඇතුළුව) පැවැත්වෙන අතර පාසල් නිවාඩුව 2023. 07.21 සිට 2023.07.23 දක්වා ලබා දී ඇත.
දෙවන වාරය 2023.07.24 සිට 2023.10.13 දක්වා (දෙදිනම ඇතුළුව) පැවැත්වෙන අතර පාසල් නිවාඩුව 2023.10.14 සිට 2023.11.12 දක්වා ලබා දී ඇත.(5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන්.
තෙවන වාරයේ පළමු අදියර 2023.11.13 සිට 2023.12.22 දක්වා (දෙදිනම ඇතුළුව) පැවැත්වෙන අතර පාසල් නිවාඩුව 2023.12.23 සිට 2024.01.01 දක්වා ලබා දී ඇත.
තෙවන වාරයේ දෙවන අදියර 2024 .01.02 සිට 2024.02.09 දක්වා පැවැත්වේ (දෙදිනම ඇතුළුව).
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

