අද කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (19 ) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද යන පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි.
තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

