හපුහින්න ජනාධිපති කාර්යාලයට
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි නීල් බණ්ඩාර හපුහින්න ඉන් ඉවත් කර ජනාධිපති කාර්යාලයට ස්ථාන මාරු කර තිබේ.
එම ස්ථාන මාරු කිරීම අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇත.
ඒ අනුව මෙතෙක් කලක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරය හොබවනු ලැබූ රංජිත් අශෝක එහි වැඩ බලන ලේකම් ලෙස පත් කර ඇත.
නීල් බණ්ඩාර හපුහින්න පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙස දන්වමින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කළ ලිපිය හේතුවෙන් ඔහුට පාර්ශව රැසකින් චෝදනා එල්ල වූ අතර පසුව ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් සමාව අයද සිටීමටද ඔහු කටයුතු කළේය. තමන් එම ලිපිය යොමු කළේ කැබිනට් තීන්දුවක් අනුව බව ඔහු ප්‍රකාශ කර තිබුණද පසුව අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ කැබිනට් මණ්ඩලය විසින් එවැනි තීන්දුවක් නොගත් බවය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

