Latestදේශීය

ගුවන් ටිකට්පත් මිළ පහළට

ඩොලරයේ අගය අඩුවීමත් සමග ගුවන් ටිකට්පත්වල මිල 20%කින් පමණ අඩු වී ඇති බවත් ඉදිරියේදී තවත් අඩු කිරීමට ගුවන් සමාගම් පොරොන්දු වූ බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට ක්‍රියාත්මක ගුවන් සේවා සමාගම්වල නියෝජිතයන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය.

සංචාරකයින් විශාල පිරිසක් මෙරටට මේ දිනවල පැමිණෙමින් ඇති බවත් ඒ අනුව නව ගුවන් සේවා හතක් පමණ මෙරටට පැමිණීමට නියමිත බවත් මෙම සාකච්චාවේදී හෙලි විය.

මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී තදබදයක්ද පවතින අතර ඊට හේතුව භූමි මෙහෙයුම්වල පවත්නා ප්‍රමාදය බවත් නියෝජිතයන් පැවසූහ.

@Media unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *