බස් රථයක් ගිනි ගැනීමට ලක්වෙයි
හොරණ රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද අළුයම පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමකට ලක් වුණ.
රත්නපුර සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය හොරණ බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඉදිරිපිට බස් නැවතුමෙන් නවත්වා යළිත් ගමන් ආරම්භ කිරීමත් සමගම බස් රථයේ ඉදිරිපස කොටස ගිනි ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.
ගින්න හට ගැනීමත් සමග එහි සිටි මගින් පිටතට පැන දිවි බේරාගෙන තිබෙනවා.
එම අවස්ථාවේ බස් රථයේ මගීන් හතළිහකට අධික පිරිසක් සිට ඇති අතර එහිදී කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පැවසුවේ බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස ගිනි ගෙන තිබෙන බවයි. හොරණ ගිනි නිවීමේ ඒකකය මැදිහත්වීමෙන් ගින්න මැඩ පවත්වා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

