බගවන්තලාව ප්‍රදේශයේ බිළිඳු මළසිරුරක්
බගවන්තලාව කෙසෙල්ගමු ඔයේ තිබූ අලුත උපන් හෝ ගබ්සාවක් කරන ලද බිළිදියකගේ මළසිරුරක් සොයාගෙන ඇත.
වතුයායේ පදිංචි කම්කරුවන් විසින් බගවන්තලාව පොලීසිය වෙත කළ දැනුම්දීම මතයි මෙම සිරුර සොයා ගෙන ඇත්තේ.
බගවන්තලාව ලොයිනොත් වතුයායේ දමිල මහා විදුහල අසලින් ගලා බසින කෙසෙල්ගමු ඔයේ තිබී මෙම බිළිඳු මළ සිරුර සොයාගෙන ඇති අතර මේ පිළිබඳව බගවන්තලාව පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මෙම බිළිඳු මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

