Latestදේශීය

ලිස්ටීරියා වසංගතයක් නොවේ: වසංගත රෝග විද්‍යා අංශය

බැක්ටීරියාවක් හරහා ඇති වෙන බව පැවසෙන ලිස්ටීරියෝසිස් නම් රෝගී තත්ත්වය ප්‍රතිශක්ති ඌනතා තිබෙන පුද්ගලයින් හට සංකූලතා ඇති කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

 නමුත් තවමත් ‍ශ්‍රී ලංකාව තුළ ලිස්ටීරියා ව්‍යාප්ත වීමක් හඳුනා හඳුනාගෙන නොමැති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ‍අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ.

 නමුත් මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව මේ පිළිබඳව දැනුවත් ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියා.

ලිස්ටීරියෝසිස්  නැමැති බැක්ටීරියාවකින් ඇතිවෙන මෙම රෝගී තත්ත්වය වසංගත රෝගී තත්ත්වයක් නොවන බව ද පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ආහාර මගින් මෙම රෝගය පැතිරීමේ හැකියාවක් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *