Latestදේශීය

ආයුර්වේද බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 322කට පත්වීම්

සේවක හිඟය නිසා බරපතල අර්බුධ රැසකට මුහුණ පා තිබූ ආයුර්වේද සේවා සහායක හිඟය මග හරවාලමින් බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 322 දෙනෙකු සඳහා III ශ්‍රේණියේ ආයුර්වේද සේවා සහායක පත්වීම් ප්‍රදානය කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේදී සිදු කෙරිණ.

වසර ගණනාවක සිට ආයුර්වේද ක්ෂේත්‍රයේ සේවක හිඟය මත මහජන සේවාවන් නිසි ලෙස පවත්වාගෙන යාමේ අර්බුධ පැන නැගී තිබූ අතර මෙලෙස අද දින පත්වීම් ලැබූ ආයුර්වේද සේවා සහායක නිලධාරීන් දිවයින පුරා පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල්, ඔසු උයන් ඇතුළු අනෙකුත් ආයතන වෙත අනුයුක්ත කිරීමෙන් අනතුරුව විධිමත් පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව අදාළ ජනතාව වෙත වඩා විධිමත් සහ ඵලදායී සේවාවක් ලබා දීමේ හැකියාව උදා වනු ලබයි.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *